නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ර/ බල/ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය
රත්නපුර දිස්ත්‍රීක්කයේ බලංගොඩ කලාපයේ ,ඉඔුල්පේ කොට්ඨාශයේ කොළඔ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ආසන්නව පිහිටි අප පාසල ඉඹුල්පේ ප්‍රදේශයේ සුවහසක් දූ දරුවන්ගේ නැණ පහන් දල්වමින් චිරාත් කාලයක පටන් බැබළෙන දර්ශණීය පාසලකි.1 ශ්‍රේණියේ පටන් 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු සිදු කරන අප පාසලේ කලා අංශයෙන් හා වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරීමේ අවස්ථා දරුවන්ට හිමිව තිබේ.සෞන්දර්ය,ක්‍රීඩා,විද්‍යා හා තාක්ෂනික ජයග්‍රහනයෙන් ඉදිරියට යමින් සිටින සැරයුත් විදු මව දිනෙන් දින දියුණුවට යමින් චිරාත් කාළයක් යෙහෙන් වැජඹේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
Y.M.L.S.ඉන්ද්‍රපාල
නියෝජ්‍ය විදුහල්පති
විදුහල්පති සේවය - III
ර/ශ්‍රී/ශාරිපුත්ර ම.වි
