• (+94) 0452288892
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • Register
  • Login
Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • school map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • login

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 උග්ගල් අලුත්නුවර කතරගම දේවාලගම ආශ්‍රිතව විද්‍යාලයේ උපත සිදු විය. විද්‍යාලය පිහිටු වීමෙහි ලා පුරෝගාමී වූ කිසිවෙකුත් පිලිබඳව සාක්ෂි ලැබී නොමැත.එනමුත් එහි ජීවත් වන වැඩිමහලු පුද්ගලයන්ගේ මතයට අනුව එහි ආරම්භය සිදුව ඇත්තේ ක්‍රි.ව.1880 දී බව පෙන්වා දිය හැකිය.එහි පුරෝගාමී විදුහල්පතිවරයා ලෙස ආරෝන් ද සිල්වා මහතා හදුන්වා දිය හැකිය.ඒ අනුව එහි පලමුවන ශිශ්‍යා බුරම්පි සිංඣො නමින් හැදින්විය හැකිය.මේ අනුව ශත වර්ෂයකට අධික ඉතිහාසයකට මෙම විද්‍යාලය හිමිකම් කියනු ලැබයි.දැනට ආරක්ෂිතව ඇති මුල්ම හා ඉපැරණි ලොග් සටහන් පොතෙහි සදහන මෙසේය." වර්ෂ 1899 ක් වූ නොවැම්බර් මස 13 වන දින පළමු ලොග් පොත කෙළවර වන්නට යෙදුනේය. "
මෙම සටහන ආරෝන්ද සිල්වා විදුහල්පතිතුමා විසින් තබා ඇත.1899 වන විට බාලඅංශයේ පස්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්විණි. ආරම්භයේදී පිරිමි ළමුන් සදහා වෙන් වී තිබුනු අතර ඉඹුල්පේ පිරිමි පාඨශාලාව ලෙස හදුන්වනු ලැබීය . ආරම්භයේ සිටම ස්වභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කෙරිණි.
වර්තමාන භූමියට පාසල ගෙන ඒමට පෙර කොළඹ - වැල්ලවාය මහා මාර්ගයේ පැරණි මිනුම් කටයුතු වලට අනුව 80 වන සැතපුම් කණුව ආසන්නයේ පිහිටි "බිබිලවත්ත" බිම් ස්මදනයේ පිහිටියේය .1907.01.06 වන දින මෙම ගොඩනැගිල්ල බිද වැටී ඇති අතර 1907.01.07 වන දින" වැල්හිරියාවත්ත" නම් සතානයේ පිහිටි තාවකාලික ගොඩනැගිල්ලක් වෙත ගෙනයනු ලැබීය. බිබිල වත්තේ පිහිටි ගොඩනැගිල්ල 1880 දී තනවන ලද්දේය.

මේ යුගයේදී ඉඹුල්පේ ප්‍රදේශයේ පිහිටි එකම පාසල වන බව එකල විසූ ගම ආරච්චි වරයෙකුගේ ලොග් සටහනකින් හෙලි වී ඇත.

1906 දී 6 වන ශ්‍රේණිය දක්වාද 1907 දී 7 වන ශ්‍රේණිය දක්වාද 1908 දී 8 වන ශ්‍රේණිය දක්වාද පන්ති පිලිවෙලින් ආරම්භ වී ඇත.

වර්තමාන පාසල පිහිටි ස්තානයේ මුල් ම ගොඩනැගිල්ල ඉදිකර නැවත පාසල ආරම්භ කරන ලද්දේ 1928.07.02 දින දීය. නමුත් පාසල තාවකාලික ගොඩනැගිල්ලකි.

1932 වන දිනයේදීපාසලේ මුල්ම ස්තීර ගොඩනැගිල්ල පාසල වෙත ලැබී ඇත.එහි වර්ගඵලය වර්ග අඩි 774ක් විය මෙහි කොටසක මුල් ගුරුවරායාගේ වාසය පිනිස ස්තාපිත කර ඇති අතර එම නිල නිවස කාර්යාලය බවට පරිවර්තනය කර ඇත. පිරිමි පාඨශාලයට සමගාමීව බාලිකා පාඨශාලවක්ද විය. ඒ අනුව එය 1933.05.06 වන දින වන විට එම ගොඩනැගිල්ල ගිලා බැසීමකට ලක්විය. මේ හේතුව නිසාවෙන් බාලිකාවෝ බාලක පාසලට අනියුක්ත කරන ලදි. ඉඩකඩ සම්බන්ධ බාවය පැන නැගීම නිසා පාසල දෙවර කරන ලදි.

1939 මැයි 19 වන දින ලොග් සටහනට අනුව පාසල දෙවන ස්තීර ගොඩනැගිල්ල ද ලැබුණි. එහි වර්ගඵලය වරග අඩි 1880 ක් පමණ විය.ශිශ්‍ය සංබ්‍යාව 150ක් පමණ වූ අතර ගුරුවරු තිදෙනෙකුගේ සේවයක් ලැබින.
පාසලට විශේෂත්වයක් ගෙන එමින් 1954.04.18 වන දින දෙමළ අංශයෙන් පාසලේ ඇති කරනු ලැබූ අතර දෙමළ මාධ්‍ය උප ගුරුවරයෙකු පාසල වෙත පත් කරනු ලැබීය.
1953.10 .22 වන දින ග්‍රාම සංවර්ධන සමිතිය මගින් නව ගොඩනැගිල්ලක් තනා පරිත්‍යාග කරන ලදි.මේ හේතුවෙන් පාසල සතු ස්ථීර ගොඩනැගිලි සංඛ්‍යාව 3ක් දක්වා වැඩි විය.තවෙ කාලික ගොඩනැගිලි 1ක් විය.
1957.07.01 වන දින පාසල හා පිරිමි පාඨශාලාව එකට එක්කර ර/ ඉඹුල්පේ විද්‍යාලය ලෙස නම් කරන ලදි.එතෙක් පටන් මිශ්‍ර පාසලක් විය.මේ වන.විට බාල අංශයේ සිට ජේ‍යෂ්ඨාංශය දක්වා පංති වර්ධනය වී තිබුනි.
1954 .11.04 වන දින යාබද ඉඩම රජයට පවරා ගන්නා ලදි .මේ නිසා පාසල් භූමියේ වපසරිය අක්කර දෙකක් දක්වා පුළුල් විය.
1961.01.02 දින බුදු මැදුර තනා විවෘත කර අතර එය එම්.බී .ප්‍රනාන්දු මහතාගේ පරිත්‍යාගයක් මත තනා නිම කර ඇත.
1963.01.01 දින ර/ඉඹුල්ලේ මහා විද්‍යාලය ලෙස නම් කර මහ විද්‍යාලයක් බවට පත් කරනු ලැබීය.ගරු අගමැති සිරිමාවෝ ආර්.ඩි බණ්ඩාරනායක මැතිනිය විසින් 1963.05.03 වන දින මහ විද්‍යාලය නිල වශයෙන් විවෘත කරන ලදි.
1964.01.13 වන දින සිට පාසල දෙවරු කරනු ලැබීය.ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 07 වන ශ්‍රේණිය තෙක් උදය වරුව අධ්‍යාපන කටයුතු වලට වෙන්විය. 8 වන ශේනියේ සිට 10 වන ශේනි වලට සවස් වරුව වශයෙන් අධ්‍යාපන කටයුතු වෙන් වෙන් වශයෙන් සිදු කෙරෙනි.

1964.04.06 වන දින රත්නපුර වැඩබලන අධ්‍යාපන අධ්‍යක්ෂ තුමාගේ අංක ආර්/වි/259 දරන ලිපියට අනුව ර/ශ්‍රී/ශාරිපුත්‍ර මහා විද්‍යාලය ලෙස නැවත් නම් කරන ලදි.

1964.09.06 වන දින විද්‍යාලයට ඉතා අවශ්‍යතාවක් පැවති ජන නල මාර්ගයක් ලැබිනි.දැනට මේ පද්ධතිය අක්‍රීය තත්වයේ පවතී.

1964.10.15 වන දින විද්‍යාලයට අනුයුක්තව පැවති ක්‍රීඩා පිටියත් සැකසිම රජයට අත්කර දෙන ලදි. 1965 වර්ශයේදි කෘෂි විද්‍යා ගුරු වරයෙකු පත්ව පැමිනි අතර කෘෂි විද්‍යාව ඉගැන්වීම ආරම්භ විය.

1968.03.04 වන දින ප්‍රථම වරට වානිජ විද්‍යා උප ගුරුවරෙයෙකු පත්ව පැමිණි අතර වානිජ විද්‍යාව ආරම්භ විය. මෙම වර්ශයේදිම උසස් පෙල (කලා) පංති ආරම්භ විය.

1969 දි ගෘහ විද්‍යා …
[11:39 PM, 9/4/2022] +94 75 574 3477: විද්‍යාලීය ඉගැනුම් ක්‍රියාවලිය
පාසල තුළ ගුරුවරයා මූලිකව කරගත් අධ්‍යාපන ක්‍රමයන් පවතී. ගුරුවරයා පන්තියටනියමිත වැඩ කටයුතු පෙර සූදානමක් ඇතිව සිදුකරනු ලබයි.
.sishya සමග විෂය කරුණු හා විෂයට පරිභාහිර කරුණු සාකච්ඡා කරමින් ඇගයීම් නිපුණතා දක්ෂතා ආදී කටයුතු මෙන්ම වෙනත් විෂය බාහිර ක්‍රියාකාරකම් උදෙසා වැඩපිළිවෙලවල් යොදාගනිමින් අධ්‍යයන කටයුතුවලට පිටිවහලක් සපයනු ලබයි.
ඇගයීම් වාර්තා ආදිය නියමිත කාලයට අනුව අවසන් කරනු ලබයි.
පරිසරය හා සම්බන්ධව අධ්‍යාපනය පිළිවෙලක් තුළින් ශිෂ්‍යයන් හට විෂය අභ්‍යන්තරය අධ්‍යාපන පහසුව උදෙසා කටයුතු කරයි.
විෂය ගාමියා විෂය බාහිර කටයුතු සිදුකරනු ලබයි.

.

ආරම්භ කළ වර්ෂය

 1880

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

 03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 150

මුල් ගුරුතුමාගේ නම

 ආරොන් ද  සිල්වා

පාසලේ ආදි කතෘගේ නම

 

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

 03

පාසලේ නම

 ර /ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය 

පාසල භාරව කටයුතු කිරීම

 

පාසල පැවැත්වූ ස්ථානය

 වැල්ලවාය මහාමාර්ගයේ 80 වන සැතපුම් කණුව   ආසන්නයේ පිහිටි බිබිලවත්ත බිම් ප්‍රදේශයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

 බුරම්පි  සිඤ්ඤෝ

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

 ක්‍රි .ව 1880

 පාසලට පරිත්‍යාග කල පුද්ගලයින් 

 එම් .බී ප්‍රනාන්දු මහතා 
පාසල මහා විදයාලයක් බව‍ට පත්කල දිනය  1963.1.1

 

 

 

{QF3=5}

Sri Sariputhra M.V.

ර/ බල/ ශ්‍රී ශාරිපුත්‍ර මහා විද්‍යාලය

බලංගොඩ කලාපය

Usefull Links

Contact us

  • ලිපිනය Shariputhra maha viddyalaya imbulpe,balangoda
  • දුරකථන(+94) 452288892
  • ෆැක්ස්(+94) 

Supported By

© 2026 Sri Sariputhra M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk